ටොරන්ට් ගැන දැනගන්න
අන්තර්ජාලය භාවිතාකරන බහුතරයක් පිරිස තමන්ට අවශ්‍ය වු විවිධ මෘදුකාංග, වීඩියෝ දර්න, හඬ පට, ලිපි ගොනු , එකී මෙකී නොකී බොහොමයක් දෑ පහසුවෙන් සොයා භාගත කර ගැනීම සඳහා ටොරන්ට් භාවිතා කරනු ලබනව.මෙලෙස සඳහන් කිරීමේදී පාඨක ඔබට සිතෙන්නට පුළුවන් ප්‍රශ්ණයකි මේ.."එහෙනම් වෙබ් බ්‍රව්සරයකින් සාමාන්‍ය භාගත කිරීමක් සිදුකිරීමත් ටොරන්ට් මඟින් භාගත කිරීමක් සිදුකිරීමත් අතර වෙනස මොකක්ද?"
මෙම භාගත කිරීමේ ක්‍රම දෙක තුළ විශාල වෙනසක් පවතිනව.ඇත්තෙන්ම මා මේ ලිපියෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණත් මෙම වෙනස ඔබට පැහැදිලි කරදීමයි.
හොඳයි, ප්‍රථමයෙන්ම අපි බලමු සාමාන්‍ය ලෙස වෙබ් ඔබගේ වෙබ් බ්‍රවසරය භාවතා කිරීමෙන් සිදුකරන භාගත කිරීමකදී සිදුවන ක්‍රියාවලිය.
ඔබ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා යොදාගන්න වෙබ් බ්‍රව්සරය කුමක්ද? එය internet explorer, firefox, chrome, opera, safari හෝ වෙනත් වෙබ් බ්‍රව්සරයක් විය හැකියි.අපි ඩවුන්ලෝඩ් කිරීමක් සිදුකිරීමේදී සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ වෙබ් පිටුවක ඩවුන්ලෝඩ් කිරීමක් සඳහා ඉඩ ලබාදී ඇති ලින්ක් එක ක්ලික් කිරීම මඟිනි.එම ක්ලික් කිරීමේදී අපගේ වෙබ් බ්‍රව්සරය මඟින් අප භාගත කරන ෆයිල් එක ඇති සර්වර් එකට දැනුම්දීමක් කරනුලබන අතර එවිට එම සර්වර් එක අපගේ පරිගණකය වෙත ෆයිල් එක එවයි.එනම් ඩවුන්ලොඩ් වීම ආරම්භවේ.මෙලෙස ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ විශේෂ ප්‍රොටොකෝලයකට අනූවය.එය FTP (File Transfer Protocol) හෝ HTTP (Hyper Text Transfer Protocol) වේ.
